"ඔහු නමින් ආනන්ද ලාල් වෙලගෙදර... එහෙත්, කොළඹ පාතාළය ඔහුව දන්නේ රාජා හෙවත් පොඩි මල්ලී කියායි. 2017 වසරේ එක් වැහිබර දවසක සැන්දෑවේ පාතාළයේ අලුත්ම තාරුව වූ රාජා හෙවත් පොඩි මල්ලී රාජගිරියේදී කෝටිපති යුවතියක්ව පැහැරගනී. එය ඝාතන කොන්ත්‍රාත්තුවකි. ඇය චන්දූපා ජයවර්ධනයි. කුඩා වියේදීම සිය මව්පියන් අහිමිවූ චන්දූපා හැදුනේ ඇගේ සීයා වූ විශ්‍රාමික ව්‍යාපාරික දයාසේන ජයවර්ධන මහතා සෙවණේය. චන්දූපා ජයවර්ධනව ඝාතනය කරන්නට රාජාට කොන්ත්‍රාත්තුවක් දුන්නේ කවුද...? අපරාධය සිදුකරන්නට පාතාළ නායකයා විසින් නියම කර තිබූ මතුගම පාළු වත්තට ඇයව රැගෙන නොගොස් මැද කඳුකරයට රැගෙන ගියේ ඇයි...? රාජා විසින් චන්දූපාව පැහරගනු ලැබූවේ කුමක් නිසාද? පැහැරගත් යුවතිය සමඟ ඔහුට තිබූ රහසිගත සම්බන්ධය කුමක්ද? ඔබ සමඟ ඔබ වෙමින් දින අනූවක්."