"තිසර” ඇගේ ආදර”ය උපන් බිම වූ ගාල්ලට සමු දෙන්නේ ජීවිතයේ එක් අඳුරු පරිච්ඡේදයකට පසුවයි. ගාල්ල ඇගේ ජීවිතයට උරුම කළේ බලාපොරොත්තු සුන් කළ වේදනාබර මතකයක්. එක් උදෑසනක ගාල්ල ප්‍රධාන බස් නැවතුමෙන් පිටවී තිසර කොළඹ එන්නේ ඇගේ ජීවිත කතාව ඇගේ කෙට්ටු අතින්ම ලියාගන්නට සිතාගෙනයි. කොළඹ ආගන්තුක අහස මේ ගාල්ලේ දුප්පත් කෙල්ලව පිළිගන්නේ තරුවක් ලෙසින් නොවේ. එහෙත් මේ යුවතිය ඇගේ ජීවන අහසේ තරු පොඩිපට්ටම් කර දෛවය සුනුවිසුණු කර අලුතින් කතාවක් ලියනවා. මේ ඒ ඇගේ අලූත් ජීවිත කතාවේ පළමු කොටසයි.