"ආදරය කල්පනාවක්. පුළුවන්ද චුට්ටක් ඔහොමම ටික දුරක් ඇවිදගෙන උඩහට එන්න. එහෙම එන්න පුළුවන්නම් ඔබට පුළුවන් වේවි ඔය ආදර කල්පනාවෙන්ම ජීවන සංකල්පනාවක් හදාගන්න. මේ රෝස පාට කතාවේ පාට අඩුයි. ටික කාලයක් ඔහොමම සුරංගනා හීනයක ජීවත්වුනොත් ඒක තේරෙයි. රෝස පාටත් අව්වට පිච්චිලා ෂේඩ්ස් විතරක් ඉතුරුවේවී. ජීවිතය කියන්නේ පාට ගොඩක්. ටිකක් සංකීර්ණ චිත්‍රයක්. ආදරේ පාට එකයි. ඒකනේ අපි ආදරය හරිම සරලම බොළඳව ළාමක විදිහට දකින්නේ. අවස්ථාවක් ලැබුනොත් පුළුවන්ද ආදරේ පාටට ජීවිතේ පාට මුසුකරගන්න. අද වගේම හෙටත් හෙට වගේම තව අවුරුදු පනහකිනුත් විඳින්න පුළුවන් ජීවන සිතුවමක් ඇඳගන්න. කඳුපාර ආදර කල්පනාවක් ජීවන සංකල්පනාවක් කරගත්ත අපූරු ආදරවන්තයෙකුගේ කතාවක්. ආලවන්තකම තියෙන මෘදුබවම ජීවිතය දිනන්න ශක්තියක් කරගත්ත කොල්ලෙක්ගේ කතාවක්. අහලා බලන්න කොහොමද ආදර කල්පනාවක් ජීවන සංකල්පනාවක් කරගත්තේ කියලා.වැඩක් වෙයි."