"සෙන්කඩගල අහස වැහි මන්දාරමකින් වැසී ගිය එක් අඳුරු උදෑසනක ඇහැල කොළ විසිර ගිය දළදා වීදියේදී දෙදෙනෙක් හමුවෙයි. දෙනෝදාහක් දෙනා ඇවිද යන මේ නුවර මාවතේදී ඔවුන් හමුවන්නේ පූර්ව ආත්ම භවයක නියම කරගත් ලෙසින් විය යුතුය. පුන්‍යවන්ත යැයි කිව හැකි යමක් හදවතේ කැවෙන දෙදෙනාටම දැනෙයි. ප්‍රේමය වනාහි මිනිස්කමින් පෙරා කරුණා මාත්‍රාවකින් රස ගන්වා බෝසත් හදවත්වලින් උපදින්නා වූ අමරණීය දෙයකි. දළදා වීදියේදී හමුවන ඔවුන්ගේ දෑස්වල කැවුනේ එවන් පිවිතුරු හැඟීම් මාත්‍රයක්ද?"