"නිම්නා නවකතාව ඇරඹෙන්නේ ආලෝක ඩුබායි ජත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල බලා එන ගුවන් යානයේ සිට සිතන සිතුවිලි මාලාවකිනි. මීට දෙවසරකට පෙර ආලෝක විදේශ ගත වන්නේ ඔහුගේත් නිම්නාගේත් අනාගත ජීවිතය වෙනුවෙනි. නමුත් ආලෝක ලංකාවට පය තැබූ සැනින් ඔහු දැනගන්නේ නිම්නා වෙන අයෙක් සමග විවාහ වී ගිය බවය. ඔහුගේ සොහොයුරා කියන්නේ ඒ විවාහය නිම්නාගේ අකමැත්ත පිට සිදුවූ බවත් තවමත් ඇය ආදරය කරන්නේ ආලෝකටම බවත්ය. ආලෝකගේ පැමිණීමෙන් පසු ඔහුගේත් නිම්නා එක් මොහොතක ඇගේ නීරස විවාහ ජීවිතය හැර දමා ආලෝක සමග යන්නට තීරණය කරයි. එහෙත් එක රාත්‍රියක මේ නව යොවුන් බිරිඳගේ හදවත තුළ අකුණක් පුපුරා යයි. එතැන් සිට සම්මත ආදර කතාවක් බිඳෙමින් වෙන මොනවදෝ සිදුවෙන්නට පටන් ගනී. නිම්නා, ආදරය විවාහය හා විවාහයෙන් පසු ආදරය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කරන නවකතාවකි. පවුල් ජීවිතයක් තුළ බලාපොරොත්තු නොවූ මොහොතක අදහාගත නොහැකි හාස්කමක් සිදුවිය හැක. නිම්නා ඒ හාස්කමේ කතාවයි."