"මේ දුප්පත් ජීවිත කතාව මැදට ඔයාගේ චරිතය නේන්න තිබුණා. ඔයා වගේ කෙනෙක් අපේ පොඩි දේවාලේ මැද පෙනී නොසිටින්න තිබුණා. ඝන කට්ට කළුවර අන්ධකාර පාරට යන කෙනෙක්ගේ වුනත් ඇස් ටික කාලයක් යද්දී ඒ අන්ධකාරයට හුරුවෙනවා. ඔයාව මට මුණගැහුනේ මගේ හදවත එහෙම ටික ටික මේ ජීවන අන්ධකාරයට හුරුවෙන වෙලාවක. අපි මුණගැහුන දවසේ ඉඳලා අදවෙනතුරු වෙච්ච හැමදෙයක්ම මට රූපෙන් රූපෙට මතක් කරන්න පුළුවන්. දැන් ඔයාගේ ලෝකයම ඇවිත් මට කියනවා හැමදේම අමතක කරන්න කියලා. ඇස්දෙක පියාගෙන මම ඔයාට සමුදෙනවා. මම මගේ දෛවය කළින් ලියාගත්ත කෙනෙක්. මගේ විතරක් නෙමෙයි. මගේ පොඩි කෙල්ලගේ දෛවයත් ඒකී උපන් දවසේම මම ලියාගෙන ඉන්නේ. ඉතින් මට ඔයාව හීනයක්. ඒ හීනේ හීනයක් විදිහටවත් දිගටම දකින්න මට බෑ කියලා මම තේරුම් අරන් ඉන්නේ. බැඳීම් කියන්නේ තෘෂ්ණාධික දෙයක්. ඒ තෘෂ්ණාවෙන් මාව ජීවිත කාලය පුරාම දැවෙයි. පිච්චෙයි. ඒත් එහෙම වෙච්චදෙන්. දැන් ඇස්දෙක පියාගෙන මට සමුදෙන්න. ඔයාගේ රූබර ජීවිතේ සුපෙම්බර හීනයක් වෙන්න ඔයාගේ පෙම්බර මධූට බෑ. ඒක තමා විශ්වාස කරන්න අමාරු කටුක ඇත්ත."