"පොඩ්ඩා" හෙවත් උදාර මුතුනායක කවුදැයි කියන්නට කිසිවෙක් දැනගෙන උන්නේ නැත. ඔහුගේ රැකියාව කුමක්ද කියාවත් කිසිවෙක් දැනගෙන උන්නේ නැත. බොහෝ තැන්වලදී ඔහු තමාව හඳුන්වා දුන්නේ පෞද්ගලික ගුරුවරයෙක් ලෙසය. හරියට අවුරුදු විසි හතරක් වෙද්දී උදාර මුතුනායකගේ ජීවිතයේ දැවැන්ත වෙනසක් සිදුවෙයි. ඔහු පෞද්ගලික රහස් පරීක්‍ෂකයෙක් ලෙස වෘත්තීය ජීවිතය පටන් ගන්නේ ඒ තරම් ලාබාල වයසකදීය. එක පැහැබර උදෑසනක උදාර මුතුනායක නුවර හන්තානය බලා යන්නේ ඔහුගේ ජීවිතයම වෙනස් කරන රහස් පරීක්‍ෂණයක් සඳහාය. රහස් පරීක්‍ෂක උදාර මුතුනායක පවා කිසිදා දැන නොසිටි ඔහුගේ හදවතේ රහස් ස්ථානයක් සොයාගනු ලබන්නේ හන්තානයේදිය…