"ඔබ ළඟ.. ඔබේ ප්‍රේමය අස.. ඔබ සුවඳ දැනෙනා ඉමක.. ජීවිතය කොතරම් හැඩද? ඔබට පෙනෙන මානයක.. ඔබ හඬ ඇසෙන ඉසව්වක.. ඔබේ පා හඬ ගැටෙනා බිමක සදාකල් ඉන්නට මම පෙරුම් පුරමි. පූජාසන පූජාර්භ සුගන්ධිත වූ අති නිර්මල ප්‍රථම ප්‍රේමයේ භාවනාව ඔබය. ඒ භාවනාවට ඔබ මට දුන් කමටහන මේ විසල් ප්‍රේමයය.."