"සීගිරි සුපර් මාර්ට් නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක විසිර ඇති සීගිරි සුපර් මාර්ට් වෙත නොයන කෙනෙක් නැති තරම්ය. අලුත් එළවළු පළතුරු අලූත් මාළු මස් පිරුණු සීගිරි සුපර් මාර්ට් නම කියූ සැනින් සියල්ලන්ම දන්නා හඳුනන පවුලේ ෆැමිලි මාට් එකකි. සීගිරි හී තේමා පාඨය ඒ ගැන මොනවට කියයි. සැම දේ සපිරි… නාමය සුපිරි අදින් වසර තිහකට පමණ පෙර මේ සීගිරි සුපර් මාර්ට් ඉතාම කුඩාවට අරඹන්නේ සෙනරත් රඹුක්වැල්ල මහතාය. එදවස ශ්‍රී ලංකාවේ තිබුනේ සුපිරි වෙළඳ සැල් දෙක තුනක් පමණය. අපේ කතාව ඇරඹෙන්නේ එක් සොඳුරු සෙනසුරාදා උදෑසනකිනි. මේ පැහැබර උදෑසනේ එක්තරා අමුත්තෙක් සීගිරි සුපර් මාර්ට් වෙතට පැමිණෙයි. අලුතින් බිහිවන සුපිරි වෙළඳ සැල් නිසා ඇතිවූ තරඟකාරීත්වයට මුහුණ දී ගත නොහැකිව දිනෙන් දින කඩාවැටෙන සීගිරි සුපර් මාර්ට් හී දෛවය පමණක් නොව සීගිරි සුපර් මාර්ට් පවුලේ එක් යුවතිකගේද දෛවය මේ ආගන්තුක අමුත්තාගේ පැමිණීමෙන් වෙනස් වෙයි."