"කුරුවිට බෝපත් ඇල්ලෙන් පහළට විසික් කරල දාපු මගේ අතීතය ඔයා සර් කහ පාට මල් පෙති පොකුරක් වගේ ඉන්නවා... හැම සෙනසුරාදා උදේකම සුදු කමිසෙ වැලමිට දක්වා නවාගෙන පංතියට ආපු මගෙ සර්ව මට මතක් වෙනවා. ගොඩක් දවස් වලට රත්නපුරේට නා කපන වැස්ස... මම සර් එනතුරු වැස්ස දිහා බලාගෙන ඉන්නවා... මං හිටපු ඩෙස්ක් එකට ඔයාව මට පේන්නේ ඒ මහ වැස්සට පසුබිම්වයි... අදටත් වැස්ස දිහා බලාගෙන ඉන්නකොට ඒ වැස්ස මැදින් මට මගේ සර්ව මැවිල පේනවා... ඔයා සර් අපට ජීවිතේ ගොඩක් දේවල් කියල දුන්නා… ඒත් ජීවිතේ බරපතලම අහිමිවීම වුණාට පස්සේ ඒක දරාගන්නෙ කොහොමද කියලා ඔයා අපිට කියල දුන්නෙ නැහැ... ඒ පාඩම ඔයත් ඉගෙනගෙන නෑ කියලා මම දන්නවා මගෙ සර්…"