ඔහු සසංක මුදුන්කොටුවයි.. ඔහු සිය පියාට හිමි රන්තරු කේක් නිෂ්පාදන ආයතනයට ඔහු දිනෙක උදේ පැමිණෙන්නේ වසර අටකට පසුවයි.. ගෙවීගිය වසර අට පුරාම විදේශයක අධ්‍යාපනය ලැබූ සසංක මුදුන්කොටුව රන්තරු ආයතනයට පැමිණෙන ඒ උදෑසන ඔහුට අපූරු යුවතියක් මුණගැසෙයි.. ඒ මොහොතේ සිට ඔහු සසංක ලෙස නොව අසංක නමින් පෙනී සිටියි.. රන්තරු කේක් ආයතනයේ අනාගත හිමිකරු එම ආයතනයට සාමාන්‍ය අලෙවි නිලධාරියෙක් ලෙස බැදෙයි..