නිලම්බරේ සිංහල ජනප්‍රිය නවකතා ධාරාවේ හමුවන අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ සිංහල නවකතාවකි. බොඳ මීදුම් නවකතාවෙන් පසුව සුජීව ප්‍රසන්න ආරච්චි අතින් ලියවුණු වඩාත්ම කතාබහට පත්වූ නවකතාව නිලම්බරේය. සීතල හින්ගුරන්කෙත කඳුකර පරිසරය පසුබිම් කරගෙන් ගලා යන නිර්වාන්ගේත් සමාධිගේත් ආදරය පාටකයාව චමත්කාරජනක අපූර්ව ලෝකයකට රැගෙන යයි. ජීවිතයේ එකම වත්කම ආදරය යැයි ඇදහූ තරුණයෙකුත් එකම අහිංසක දෑසකින් ආදරයේ දේව දූතයා දුටු යුවතියකුත් අතර ගලා යන අසිරිමත් ආදර කතාව නිලම්බරේ කතාවට තේමා වෙයි.