දෙසිතකින් නොව එක සිතින් ඔබට පෙම් කරමී... අහිතකින් නොව මහා හිතකින් ඔබ ගැනම සිතමී... මං ළඟින් මම මගේ පණ තබමී... දැන් ඉතින් මම... පවා ඔබටම සින්න බව කියමී... ඔබ තරම් මා ගැන හිතන්නට කෙනෙක් තව නොමැතී... ඔබ තරම් මා බලා ගන්නට හඩක් තව නොමැතී... ඔබ තරම් මට අගේ හිතෙනා දෙයක් තව නොමැතී... රත්තරන් ඔබ නොමැතිනම් මට ලොවක් නම් නොමැතී... තරුවකින් නොව ඔබේ දෙනෙතින් නිල් එළිය දකිමී... මල් රුවෙන් නොව ඔබේ රුවකින් මලක් හැඩ බලමී... සඳ දියෙන් නොව ඔබේ සෙනෙහෙන් සඳේ සුව විඳිමී... මං ලොවෙන් නොව ඔබේ දෑසින් ජීවිතය දකිමී...