මේ මෙහොතේ තමාගේ වම් පසින් ඉන්නේ තමාව පැහැර ගත් මිනිසාද නොවේනම් තමාගේ හදවතම පැහැරගත් මිනිසාද කියා ඇය සිතුවා. 'ඔයා මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කලා. ඒකට මම ආස නෑ කියල හිතන්න එපා. ලොකු වෙනසක් පතමින් හිටපු කෙල්ලෙක් මම. ඒත් ඒ වෙනස මෙහෙම වෙයි කියල හීනෙන්වත් මම හිතුවේ නෑ. කවදාවත් නෑ. නෙවර් ආනන්දයියේ' චන්දුපා මේ ටික සිතත්දී ඇගේ අත නොදැනීම ආනන්දගේ අතක් මතට ගියා. ආනන්ද කිසිම චලනයකින් තොරව බලාගෙන උන්නා. ඔහු යමක් අහන්නයි ගියේ.