"දෙනුවන් ඔබේ.. රහසින් පෙනේ.. දෙනුවන් පියා.. ගනිමිද කෙසේ.."
"මගේ ජිවිතේ වටේ තිබුනේ කොච්චර කාලකන්ණි අඳුරු දේවල්ද.. රමණි.. ආශා.. නිෂානි..
පාළු අඳුරු ලෝකේ.. කවදාවත් සනීපවුනේ නැති අස් දෙක.. මගේ පතුරු ගැලවෙච්ච පුටුව..
වින්ටර් පැලස් එකේ තෙත ගඳ කාමරේ.. හීටර් එකක් නැති සීතල.. පය තියෙනකොටත් වෙව්ලන
තෙත නාන කාමරේ.. බැණුම්.. කොච්චර කැත නරක දේවල්ද ජීවිතේ තුබුනේ.. හැ..ම..දේ..ම ඔයා මගේ
ජීවිතේට අත තිබ්බට ප..ස්..සේ වෙනස්වුනේ කොහොමද.. ඔයාව මට ලැබුනේ ජී..වි..තේ
අමාරුම කාලේ.. ඒ නිසාම මට ඔයාව මැණිකක් වගේ වටිනවා.. ඊටත් වඩා.. මේ ජීවිතේ හුස්ම ටික
තියෙන්නේ ඔයා ගාව.. මාව දැන් ආයේ අන්ධ වුනත් මට බයක් නෑ.. මට ඔයාව පේනවා.. ඇස් පියාගෙන
ඉන්නකොටත්.. මට ලෝකය නොදැක්කට කමක් නෑ.. මගේ ඇස් නැතත් මට මගේ දෙනුවන් ඉන්නවා..
අහිංසා රන්දුණු.