'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක විසිර ඇති සීගිරි සුපර් මාර්ට් වෙත නොයන කෙනෙක් නැති තරම්ය. අලුත් එළවළු පළතුරු අලුත් මාළු මස් පිරුණු සීගිරි සුපර් මාර්ට් නම කියූ සැනින් සියල්ලන්ම දන්නා හඳුනන පවුලේ ෆැමිලි මාට් එකකි. සීගිරි හී තේමා පාඨය ඒ ගැන මොනවට කියයි. සැම දේ සපිරි.. නාමය සුපිරි අදින් වසර තිහකට පමණ පෙර මේ සීගිරි සුපර් මාර්ට් ඉතාම කුඩාවට අරඹන්නේ සෙනරත් රඹුක්වැල්ල මහතාය. එදවස ශ්‍රී ලංකාවේ තිබුනේ සුපිරි වෙළඳ සැල් දෙක තුනක් පමණය.