"පොඩ්ඩා" හෙවත් උදාර මුතුනායක කව්දැයි කියන්නට කවුරුත් දැන උන්නේ නැත. බොහෝ තැන් වලදී ඔහු තමාව හදුන්වා දුන්නේ පෞද්ගලික ගුරුවරයෙක් ලෙසය. හරියට අවරුදු විසි හතරක් වෙද්දී උදාර මුතුනයකගේ ජීවිතයේ දැවැන්ත වෙනසක් සිදුවෙයි. ඔහු පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් ලෙස වෘත්තීය ජීවිතය පටන්ගන්නේ ඒ තරම් ලාබාල වයසකදීය.